කොහෙමද යාළුවනේ. අද ඔයාලට පොඩි දෙයක් කියන්න හිතුනා.
මේක මගේ ප්‍රථම ලිපිය. වැඩේ නම් පොඩියි. හැබැයි වටිනවා.
හුඟක් අය windows 7 දාන්නේ DVD වලින් නේද? Pen drive එකෙන් දාන්න try කරමුද?
වැඩේ නම් ෂුවර්. හි. හි.
කථා නවත්තලා වැඩේ කරමුකෝ.
මුලින්ම 4GB විතර හොඳ Pen drive එකක් හොයාගන්න. China නෙවෙයි. Windows 7 DVD ඒකේ තියෙන සේරම File ටිකත් අනිවා ඕනෙ. දැන් වැඩේට බහිමු.
1. Pen drive එක USB port එකට සම්බන්ද කරන්න.
2. cmd Open කරගන්නකෝ. ඒක දන්නේ නැත්නම් RUN එකේ cmd කියලා Type කරලා Enter කරන්න. එතකොට ඒවි.
3. දැන් එතන diskpart කියලා Type කරලා Enter කරන්න.
4. ඊළඟට list disk කියලා Type කරලා Enter කරන්න.
5. ආයේත් list disk කියලා Type කරලා Enter කරන්න.
6. දැන් එන විස්තරයෙන් බලන්න Pen drive එක මොන disk එකද කියලා ( Disk 0 or Disk 1 ) ;-)
හරිනේ. අව්ලක් නෑනේ.
7. දැන් මෙහෙම Type කරන්නකෝ select disk 1 කියලා. disk 1 කිවේ මගේ හරිද.
ඉට පස්සේ Enter කරන්න.
8. clean කියලා Type කරලා Enter කරන්න
9. දැන් create partition primary කියලා Type කරලා Enter කරන්න.
10. දැන් active කියලා Type කරලා Enter කරන්න.
බලනකොට Type කරලා Enter කරන්න තමයි ගොඩක් තියෙන්නේ. හේ හේ
11. ඉට පස්සේ format fs=fat32 quick කියලා Type කරලා Enter කරන්න.
අන්තිම Enter කිරිම. :-D
12. අන්තිමට assign කියලා Type කරලා Enter කරන්න.
දැන් Open වුණ Window එකට Windows 7 files සේරම Copy කරලා Past කරන්න.
වැඩේ හරි. දැන් ඔය තියෙන්නේ Boot able Pen drive එකක්.
දැන් ඔයාට Windows 7 දාන්න ඕන Machine එකට Pen drive එක සම්බන්ද කරලා Machine එක Restart කරන්න. දැන් Boot වෙයි. උනේ නැත්නම් Bios වලට ගිහන් 1st boot device එකට Pen drive එක තෝරන්න.
Boot උනාම කරන්න ඔනේ දේවල් ඔයාලා දන්නවනේ. DVD එකකින් දානවා වගේම තමයි.
මම මේක වටිනවා කිවේ ROM එකක් නැති හරි කැඩුණ හරි Machine වලට තමයි. ආ කියන්න බැරි උනා.
මේ ක්‍රමය ගොඩක් ඉක්මන් DVD වලට වැඩිය.
Try කරලා බලන්න.
ඔන්න මගේ පළමු Post එක ඉවරයි. හොඳ නම් Comment එකක් දාන්නකෝ. Key board එක වැඩ නැත්නම් Like වත් කරන්න. හි හි ;-)
ආයෙත් හමු වෙමුකො යාළුවනේ... ඕං මම ගියා. :P